Friday, April 18, 2014

Written on

අවසාන මහා තරගයේ දක්ෂතා නොපෙන්ණුවට ඊයේ පැවිති IPL තරගයේ යුවරාජ්ගෙන් විශිෂ්ට ඉනිමක්

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවට එරෙහිව පරාජය වීමේ කනගාටුව මැඬපැවැත්වීමට අපහසු බවත් එසේම එවැනි තත්ත්වයන් හමුවේ ඉදිරියට ගමන් කිරීමට ඉගෙන ගනිමින් සිටින බවත් යුවරාජ් පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී යුවරාජ් මෙවර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, එහි වෙබ් අඩවියත් සමග විශේෂ  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඉහත අදහස් ප්‍රකාශ කළේය.
Written on

ඇමති බදියුදින් බොදු බලෙන් මිලියන 500ක් ඉල්ලීමට යයි

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ හෝ උතුරු අභය භූමිය තුළ කිසිදු මුස්ලිම් පවුලක් තමා පදිංචි කර නොමැති බවත්, මේ නිසා බොදුබල සේනා මධ්‍යස්ථානය සිදුකරන චෝදනාව දින 14 ක් තුළ නිවැරදි කළ යුතු බවත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිශාද් බදියුදීන් මහතා සඳහන් කරයි.

එසේ නොකළ හොත් තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය. තමාගේ අනුදැනුම මත මරිච්චු කඩ්ඩි ග්‍රාම නිලධාරීවසමේ නිවාස 300 ක් ඉදිකර තිබෙන බවත්, එම නිවාස ඉදිකර තිබෙන්නේ එම ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත් වූ ජනතාවගේ ඉඩම්වල බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
Written on

යුද නිලධාරීන්ගේ තොරතුරු BTU වෙබ් අඩවියේ ඇතුලත් වෙයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට අදාළ අන්තර්ජාල වෙබ් අඩවි රාශියක් පවතින අතර ඒවායේ අන්තර්ගත ඡායාරූප සහ තොරතුරු වෙනත් අය විසින් උපුටා පළ කරනු ලැබීම සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියි.

බ්‍රිතාන්‍ය දෙමළ සංගමය (BTU) ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නිල සහ පෞද්ගලික තොරතුරු එම සංගමයේ අන්තර්ජාල වෙබ් අඩවියෙහි පළ කරනු ලැබීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමිනුයි, යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම ප්‍රකාශය කළේ.

Thursday, April 17, 2014

Written on

එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාරයක්

හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට හා මාධ්‍යවේදීන් පිරිසකට පරිපාලන ගොඩනැගිල්ල අසලදී පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.

ඔවුන් ගමන් කළ බස් රථයටද හානි සිදුවී ඇති අතර, මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයටද බාධා ඇති විය. මෙහිදී හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පිස්තෝලක්ද රැගෙනවිත් තිබේ.
Written on

දෙහිවල සත්ව උයනේ හිසතෙල් මංගල්‍යය

මෙවර සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රියෙල් දහසය වෙනි දින උදෑසන 11.16 ට යෙදුණු සුබ මොහොතින් සිදු කරනු ලැබුණි.

මෙවර රාජ්‍ය හිස තෙල් ගෑමේ උත්සවය ගණේමුල්ල - කොස්සින්න රජමහා විහාරස්ථානයේ. පැවැත්වුණ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට සහභාගී විය.

පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුබ නැකතටයි ජනාධිපතිවරයාගේ හිස තෙල් ගැල්වීම සිදු කෙරුණේ. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීමේ උත්සවය ද බදාදා පැවැත්වුණි.

Wednesday, April 16, 2014

Written on

UNP හා JVP ත්‍රස්ත ලැයිස්තුවට !

බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කළ, ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිළිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම් හෙවත් ට්‍රැක් ආයතනය විසින් මීට පෙර එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති බව නෙත් වෙබ් අඩවිය විසින් සොයාගෙන තිබේ.

ලොව විවිධ ජාතීන් වලට අයත් පර්යේෂකයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් එක්ව ක්‍රියා කරන ට්‍රැක් සංවිධානය විසින් බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති සංවිධානයක් ලෙස හඳුන්වා දී තිබිණි.
Written on

ආයේ ආදරවන්තියක් වෙද්දි හිතට ලොකු බයක් දැනුණා - උපේක්ෂා

උපේක්ෂා ස්වර්ණමාලි ඉතා කෙටි කාලයක් තුළ ජීවන අත්දැකීම්, ගැටලු රැසකටම මුහුණ දුන් රංගන ශිල්පිනියක, දේශපාලනඥවරියක ලෙස හැඳින්විය හැකිය. කෙසේ හෝ ඇය තමන් වෙත පැමිණි එම ගැටලු සාර්ථකව ජයගෙන ඇත. මේ දිනවල හිරු ටීවී නාළිකාවෙන් විකාශය වන ස්නේහා ටෙලි නාට්‍යයේ ස්නේහා ලෙස සාර්ථක රංගනයක යෙදෙන්නේ ද ඇයයි.

උපේක්ෂා කොහොම ද මේ දිනවල ඔබේ කාලය ගතවෙන්නෙ?
මේ දවස්වල ස්නේහා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හැටියට මම දේශපාලනික කටයුතුවල නිරත වෙලා ඉන්නවා.

එතකොට එන්න තියෙන ඔබේ නිර්මාණ?
ඔව්, මම රංගනයෙන් දායක වුණු මායා චිත්‍රපටියත් සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියත් ඉදිරියේ දී තිරගත වේවි.
Written on

කැනඩාව කළේ පහත් ක්‍රියාවක් - කෙහෙළිය

පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති තීරණය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් කළ ඉතාමත් අසාධාරණ සහ පවතින සම්ප්‍රදායන් තුළ පහත් මට්ටමේ ක්‍රියාවක් බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙය දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ආත්මාර්ථකාමී ලෙස ලෝක සම්මතයන් වෙනස් කිරීමට දරන උත්සාහයක් ලෙසටයි රඹුක්වැල්ල අමාත්‍යවරයා හඳුන්වන්නේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Tuesday, April 15, 2014

Written on

බලසේනා දෙකක කලබල ඇති වෙයි !

වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික බල සේනාව නම් සංවිධානයක්‌ මගින් පසුගිය බදාදා කොළඹ කොම්පඤ්ඤවීදියේ හෝටලයක පැවැත්වීමට ගිය මාධ්‍ය හමුවට කඩාවැදුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රමුඛ පිරිසක්‌ විසින් කලබලයක්‌ ඇති කොට එම මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර කඩාකප්පල් කිරීම දේශපාලන පක්‍ෂ කිහිපයක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජාතික සමගියට බාධා කරන ජාතිවාදී සංවිධාන පිළිබඳව කරුණු දැක්‌වීමට බව වටරැක විජිත හිමියෝ පවසති. මුස්‌ලිම් පූජකවරුන් කිහිපදෙනකු ද මෙයට සහභාගිවීමට පැමිණ සිටියහ.


එහෙත් මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර එම ස්‌ථානයට කඩාවැදුණු බොදුබල සේනාවේ පිරිස හැසිරුණු අන්දම රූපවාහිනි නාලිකා හා වෙබ් අඩවිවල වීඩියෝ දර්ශන මගින් ශ්‍රී ලංකාවට පමණක්‌ නොව මුළු ලෝකයටම දැකගත හැකි විය.


" කට වහගන්නවා. ඉස්‌සෙල්ලා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ෂටප්. මරක්‌කලයන්ට කඩේ යන්නෙ නැතිව බුදුහාමුදුරුවන්ට කඩේ පලයන් මිනිහො. මූට ගේන්න ඇඳුමක්‌. මේ රටේ මොකක්‌ද මරක්‌කලයන්ට තිබෙන ප්‍රශ්නෙ. " මේ ගලබොඩඅත්තේ හිමියන් එම අවස්‌ථාවේ විජිත හිමියන්ට හා මුස්‌ලිම් පූජකවරුන්ට බැණ වදිමින් පැවැසූ දේවලින් මෙහි ලිවිය හැකි වචන ස්‌වල්පයක්‌ පමණි.